AFC Banner
Empty Ad
Empty Ad

සෞන්දර්ය විෂයන් පාසලෙන් ඉවත් කරන කතාවට අධ්‍යාපන අමාත්‍යංශයෙන් උත්තර (වීඩියෝ)

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව සෞන්දර්ය විෂයයන් සාමාන්‍ය අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංගයක් බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කරන්නේ කණිෂ්ඨ, ද්විතීයික අධ්‍යාපනයේ හා ජ්‍යෙෂ්ඨ ද්විතීයික අධ්‍යාපනයේ දී සෞන්දර්ය විෂයයන් වැඩිදුරටත් අධ්‍යයනය කළ හැකි අතර, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සඳහා ද සෞන්දර්යය විෂයයන් සඳහා ළමුන්ට පෙනී සිටිය හැකි බවයි.

එමෙන්ම උසස් අධ්‍යාපනයේ සෞන්දර්ය විෂයයන් එලෙස ම පවතින බව එහි සඳහන්.

මේ සම්බන්ධයෙන් සැකයක් ඇති වන ප්‍රකාශ හා විවිධ මාධ්‍ය උපයෝගී කර ගෙන කරනු ලබන සාවද්‍ය ප්‍රකාශ බැහැර කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරන බවයි අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් පවසන්නේ.

මේ අතර අද (16) උදෑසන මෙරට ජාතික පුවත්පතක් වාර්තා කර තිබුණේ සෞන්දර්ය විෂයන් පාසලෙන් ඉවත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව පාසල් සුරැකීමේ ව්‍යාපාරය පවසන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
1
+1
1
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?