AFC Banner
Empty Ad
Empty Ad

අයි.සී.සී වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේ දී

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ලබන 19 වැනිදා සිට 22 වැනිදා දක්වා මෙම සමුළුව පැවැත්වීමට නියමිත බවයි ක්‍රිකට් ආයතන නිවේදනය කළේ.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සමුළුව ආසියානු කලාපයේ රටක දී පැවැත්වෙන්නේ පළමුවරට බවයි ක්‍රිකට් ආයතන වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මෙම සමුළුව සඳහා අයි.සී.සී. සාමාජිකයන් 108 දෙනෙකු ඇතුළු නියෝජිතයන් 220ක් එක්වීමට නියමිතව තිබෙනවා.

”ඔලිම්පික් අවස්ථාව සාක්ෂාත් කර ගැනීම” මෙවර සමුළුවේ තේමාව වී ඇති අතර, ලොව පුරා සිටින ක්‍රිකට් පරිපාලකයින්ගේ සහ පාර්ශ්වකරුවන්ගේ ප්‍රධානතම හමුවවන මෙය ක්‍රීඩාවේ උපාය මාර්ගික දිශානතිය, පාලනය සහ ලොව පුරා ක්‍රිකට් සංවර්ධනය පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරෙනවා.

මෙම සමුළුවට සමගාමීව රැස්වීම්, වැඩමුළු හා ජාලගත සැසි කීපයක් ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?