අයි.සී.සී වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේ දී

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ලබන 19 වැනිදා සිට 22 වැනිදා දක්වා මෙම සමුළුව පැවැත්වීමට නියමිත බවයි ක්‍රිකට් ආයතන නිවේදනය කළේ.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සමුළුව ආසියානු කලාපයේ රටක දී පැවැත්වෙන්නේ පළමුවරට බවයි ක්‍රිකට් ආයතන වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මෙම සමුළුව සඳහා අයි.සී.සී. සාමාජිකයන් 108 දෙනෙකු ඇතුළු නියෝජිතයන් 220ක් එක්වීමට නියමිතව තිබෙනවා.

”ඔලිම්පික් අවස්ථාව සාක්ෂාත් කර ගැනීම” මෙවර සමුළුවේ තේමාව වී ඇති අතර, ලොව පුරා සිටින ක්‍රිකට් පරිපාලකයින්ගේ සහ පාර්ශ්වකරුවන්ගේ ප්‍රධානතම හමුවවන මෙය ක්‍රීඩාවේ උපාය මාර්ගික දිශානතිය, පාලනය සහ ලොව පුරා ක්‍රිකට් සංවර්ධනය පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරෙනවා.

මෙම සමුළුවට සමගාමීව රැස්වීම්, වැඩමුළු හා ජාලගත සැසි කීපයක් ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56