2024 ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහනෙන් ශිෂ්‍යත්ව 116,000ක්

දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක “ජනාධිපති ශිෂ්‍යත්ව 2024 ” වැඩසටහන යටතේ 2024 වර්ෂය සඳහා ශිෂ්‍යත්ව 116,000ක් පිරිනැමීමට නියමිතව තිබෙනවා.

උසස් පෙළ හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 6000ක් වෙනුවෙන් මාසයකට රුපියල් 6,000 බැගින් මාස 24ක කාලයක් සඳහා ලබාදෙනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා රුපියල් මිලියන 824ක් වෙන් කර තිබෙන අතර පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 100,000ක් වෙනුවෙන් මසකට රුපියල් 3,000 බැගින් මාස 12ක කාලයක් සඳහා ලබාදෙනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 3,600ක්.

පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා, සීල මාතාවන් හා ගිහි ශිෂ්‍යයන් වෙනුවෙන් පිරිනමනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 288ක් ද, අපොස (උ/පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයයක් ලෙස හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ජනාධිපති අරමුදල ඒකාබද්ධව පිරිනමනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා රුපියල් මිලියන 720ක් ද වෙන් කර තිබෙනවා.

ඒ, අනුව දැනට ක්‍රියාත්මක වන ශිෂ්‍යත්ව වැඩසටහන්වලට අමතරව මෙම ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා රුපියල් මිලියන 5,000කට අධික මුදලක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ලබා දීමට නියමිතව ඇති බව සඳහන්.

මෙම අවස්ථාවේදී අපොස උසස් පෙළ සිසුන් සහ පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා ළමුන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන් දෙක යටතේ, කොළඹ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 04ක උසස් පෙළ සිසුන් 242ක් සහ පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 4,866ක් වෙනුවෙන් ද, ගම්පහ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 04ක උසස් පෙළ සිසුන් 240ක් සහ පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 6,234ක් වෙනුවෙන් ද, කළුතර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 03ක උසස් පෙළ සිසුන් 180ක් සහ පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 4390ක් වෙනුවෙන් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මකයි.

එමෙන්ම යාපනය දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 05ක උසස් පෙළ සිසුන් 300ක් සහ පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 3,544ක් වෙනුවෙන් ද, මන්නාරම දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 02ක උසස් පෙළ සිසුන් 120ක් සහ පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 1030ක් වෙනුවෙන් ද, වවුනියා දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 02ක උසස් පෙළ සිසුන් 120ක් සහ පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 1298ක් වෙනුවෙන් ද, මුලතිව් දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 02ක උසස් පෙළ සිසුන් 120ක් සහ පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 1028ක් වෙනුවෙන් ද, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 02ක උසස් පෙළ සිසුන් 120ක් සහ පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 956ක් වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.

ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 06ක උසස් පෙළ සිසුන් 364ක් සහ පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 8,392ක් වෙනුවෙන් ද, පුත්තලම දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 02ක උසස් පෙළ සිසුන් 120ක් සහ පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 4046ක් වෙනුවෙන් ද, මඩකලපුව දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 05ක උසස් පෙළ සිසුන් 300ක් සහ පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 3,436ක් වෙනුවෙන් ද, අම්පාර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 07ක උසස් පෙළ සිසුන් 420ක් සහ පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 4,340ක් වෙනුවෙන් ද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 05ක උසස් පෙළ සිසුන් 300ක් සහ පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 2,972ක් වෙනුවෙන් ද මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 06ක උසස් පෙළ සිසුන් 360ක් සහ පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 5,410ක් වෙනුවෙන් ද, මොණරාගල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 04ක උසස් පෙළ සිසුන් 240ක් සහ පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 2994ක් වෙනුවෙන් ද, රත්නපුර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 04ක උසස් පෙළ සිසුන් 240ක් සහ පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 5,642ක් වෙනුවෙන් ද, කෑගල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 03ක උසස් පෙළ සිසුන් 180ක් සහ පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 4,524ක් වෙනුවෙන් ද, මහනුවර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 06ක උසස් පෙළ සිසුන් 360ක් සහ පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 6,472ක් වෙනුවෙන් ද, මාතලේ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 04ක උසස් පෙළ සිසුන් 240ක් සහ පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 2,894ක් වෙනුවෙන් ද,නුවරඑළිය දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 05ක උසස් පෙළ සිසුන් 300ක් සහ පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 4940ක් වෙනුවෙන් ද ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිතයි.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 04ක උසස් පෙළ සිසුන් 240ක් සහ පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 4,410ක් වෙනුවෙන් ද, මාතර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 04ක උසස් පෙළ සිසුන් 240ක් සහ පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 3,644ක් වෙනුවෙන් ද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 03ක උසස් පෙළ සිසුන් 180ක් සහ පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 3330ක් වෙනුවෙන් ද, අනුරාධපු දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 05ක උසස් පෙළ සිසුන් 300ක් සහ පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 5,360ක් වෙනුවෙන් ද, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 03ක උසස් පෙළ සිසුන් 177ක් සහ පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 2,456ක් වෙනුවෙන් ද මෙම ශිෂ්‍යත්ව පිරිනැමෙනවා.

පාසල් මට්ටමින් මෙම ශිෂ්‍යත්ව ලබාදීම සඳහා තෝරා ගෙන ඇති සියලු සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට ජනාධිපති අරමුදල විසින් කටයුතු සිදු කරනු ඇති.

සෑම පාසලකටම එම පාසලේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කරගෙන යම් ශිෂ්‍යත්ව ප්‍රමාණයක් හිමි වන අතර, එම ශිෂ්‍ය සංඛ්‍යාවන් පිළිබඳව කලාප අධ්‍යාපන කාර්යාලයෙන් විස්තර ලබා ගත හැකි අතර, මෙතෙක් ශිෂ්‍යත්ව සඳහා ඉල්ලීම් කර නොමැති පාසල් ලැයිස්තුව ද කලාප අධ්‍යාපන කාර්යාල වෙත ලබා දී තිබෙනවා.

එබැවින් යම් පාසලක් මෙතෙක් ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් කර නොමැති නම් කඩිනමින් ඒ සඳහා අවශ්‍ය ඉල්ලීම් සිදුකරන ලෙස ජනාධිපති අරමුදල ඉල්ලා සිටිනවා.

ඒ, අනුව දැනට ක්‍රියාත්මකවන ඉහත ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකට අමතරව පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ශිෂ්‍යත්ව 5000ක් පිරිනැමීමේ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය ඉදිරි දිනවල දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58
Video thumbnail
උතුරේ ආණ්ඩුකාරවරයා අධිකරණයට බලපෑම් කරනවා..අපේ කොන්දේසිවලට IMF එක ආවා මිසක් අපි ගියේ නෑ
09:08
Video thumbnail
අපේ රටට ඕනිවෙලා තියෙන්නේ ධර්මාධිකරණයක් නෙවෙයි සංඝාධිකරණයක්..
13:35
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34
Video thumbnail
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තුත් වැඩිවෙයිද ?..මේක දේශපාලන මඩ ගැසීමක් වෙන්න ඕන
02:07
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව ප්‍රසන්න හෙළිකරයි - තෙරපුම අඩු කර ගන්න කරපු වැඩි කිරීමක්
02:55
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි
00:51
Video thumbnail
අනිවාර්යෙන් තෙල් මිල වැඩි කරනවා..හර්ෂද සිල්වා හෙළිකරයි - හර්ෂ ආණ්ඩුවට අමතනකොට ජනපතිත් එතනින් යයි
03:43