යාපනය මහ නගර සභාවේ ස්වාධීන කටයුතුවලට අත ගැසීමට පොලිසියට අයිතියක් නැතැයි යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා සඳහන් කරයි.
රාජ්‍ය නිලධාරීන්ගේ කටයුතුවලට පොලිසිය අනවශ්‍ය ලෙස බාධා කරන බව තමන් විශ්වාස කරන්නේ යැයි ද ඒ මහතා කියා සිටියේය.
තමන් අත්අඩංගුවට ගැනීම ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුයේ යාපනය මහ නගර සභාවේ කටයුතුවලට පොලිසියේ තර්ජනය කළ අසුබ දවසක් බවත් තමන් මේ සම්බන්ධයෙන් අවශ්‍ය සියලු නීතිමය කටයුතු කරන බවත්ය.
තමන් යාපනයේ නගරය පිරිසිදුව තබා ගැනීමට ගත් තීන්දුව වැරැද්දක් නොවන බවත් නමුත් එය වැරද්දක් නම් තමන් එම වැරැද්ද නැවත නැවතත් කළ යුතුයි යන ස්ථාවරයේ සිටින බවද පැවසීය.
යාපනය නගරයේ දී පොලිස් ඇඳුමට සමාන පිරිසක් මහාමාර්ග වල රාජකාරියේ යෙදවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

You better draw the line. Just go and fly a kite. Next you will definitely not able to come out. Only in prison.
සර් හිටිය නං ඔහොම වෙන්නෑ කොහෙද මේ රනිල්ටයි සිරාටයි
කොන්ද පණ නෑ නේ