මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක අභාවප්‍රාප්ත වෙයි

මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා.

ඔහු මියයන විට 58 හැවිරිදි වියෙහි පසු වුණා.

දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි වෛද්‍යවරයාගේ ඥාතීන් පවසන්නේ