AFC Banner
Empty Ad
Empty Ad

ගෞතම් ගම්භීර් ඉන්දීය ක්‍රිකට් ප්‍රධාන පුහුණුකාරී ධුරයට

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වය හිටපු ක්‍රිකට් ක්‍රීඩක ගෞතම ගම්භීර් හට හිමි ව තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ එරට ක්‍රිකට් උපදේශක කමිටුවේ සාමාජිකයින් වන අශෝක් මල්හෝත්‍රා, ජටින් පරන්ජ්පේ සහ සුලක්ෂණ නායික් යන අය විසින් ගම්භීර්ට මෙම තනතුර ප්‍රදානය කර ඇති බවයි.

ඒ අනුව ගම්භීර් ශ්‍රී ලංකාවට එරෙහිව ජූලි 27 වැනිදායින් ඇරඹෙන එක්දින තරග 03ක්, පන්දුවාර 20 තරග 03ක් සඳහා සිය තනතුරින් පළමු වගකීම ඉටු කිරීමට නියමිත බවත් වාර්තා වනවා.

මෙතෙක් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වය ගෙන කටයුතු කළේ රාහුල් ඩ්‍රාවිඩ් විසින්.

ඔහුගේ ධුර කාලය T20 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව අවසන් වූ අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මැයි 13 වැනි දින ම එම තනතුර සඳහා අයදුම්පත් කැඳවා තිබුණා.

එමෙන්ම ගෞතම් ගම්භීර්ගේ නව පත්වීමත් සමග රාහුල් ඩ්‍රාවිඩ්ගේ සේවා කාලය අවසන් වන අතර; ලෝක කුසලාන ජයක් වසර 17කට පසුව ඉන්දියාවට උරුම කරදීමට වගකීම ගෙන කළ සේවයට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් රාහුල් හට විශේෂ ස්තුතියක් ද පුද කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?