ගෞතම් ගම්භීර් ඉන්දීය ක්‍රිකට් ප්‍රධාන පුහුණුකාරී ධුරයට

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වය හිටපු ක්‍රිකට් ක්‍රීඩක ගෞතම ගම්භීර් හට හිමි ව තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ එරට ක්‍රිකට් උපදේශක කමිටුවේ සාමාජිකයින් වන අශෝක් මල්හෝත්‍රා, ජටින් පරන්ජ්පේ සහ සුලක්ෂණ නායික් යන අය විසින් ගම්භීර්ට මෙම තනතුර ප්‍රදානය කර ඇති බවයි.

ඒ අනුව ගම්භීර් ශ්‍රී ලංකාවට එරෙහිව ජූලි 27 වැනිදායින් ඇරඹෙන එක්දින තරග 03ක්, පන්දුවාර 20 තරග 03ක් සඳහා සිය තනතුරින් පළමු වගකීම ඉටු කිරීමට නියමිත බවත් වාර්තා වනවා.

මෙතෙක් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වය ගෙන කටයුතු කළේ රාහුල් ඩ්‍රාවිඩ් විසින්.

ඔහුගේ ධුර කාලය T20 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව අවසන් වූ අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මැයි 13 වැනි දින ම එම තනතුර සඳහා අයදුම්පත් කැඳවා තිබුණා.

එමෙන්ම ගෞතම් ගම්භීර්ගේ නව පත්වීමත් සමග රාහුල් ඩ්‍රාවිඩ්ගේ සේවා කාලය අවසන් වන අතර; ලෝක කුසලාන ජයක් වසර 17කට පසුව ඉන්දියාවට උරුම කරදීමට වගකීම ගෙන කළ සේවයට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් රාහුල් හට විශේෂ ස්තුතියක් ද පුද කර සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04