යල කන්නයේ වී මිලදී ගන්න රජයෙන් සහන පොළියට ණය

2024 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම වෙනුවෙන් සුළු හා මාධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්, වී ගබඩා හිමිකරුවන් සහ වී තොග රැස්කරන්නන්ට සහනදායි පොළී අනුපාතිකයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ, අනුව මෙම ණය යෝජනා ක්‍රමය යටතේ බැංකු පද්ධතිය හරහා නිදහස් කිරීමට නියමිත මුළු ණය ප්‍රමබය රුපියල් මිලියන 6,000ක් බවයි සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම ණය යෝජනා ක්‍රමය ජූලි මස 01 වනදා සිට ඔක්තොම්බර් 31 වනදා දක්වා ක්‍රියාත්මක වනවා.

එමෙන්ම මෙම වැඩසටහන යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන අවම මිලක් යටතේ වී මිල දී ගැනීමට ද සැලසුම්කර තිබෙනවා.

1 1
2 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?