AFC Banner
Empty Ad
Empty Ad

දයාසිරිගෙන් මරදාන පොලිසියට පැමිණිල්ලක් (වීඩියෝ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර අද (06) මරදාන පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

තමාට පැවති වාරණ නියෝගය ඉවත් කිරීමෙන් පසුව වැඩ භාරගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ගිය අවස්ථාවේ දී මූලස්ථාන ගොඩනැගිල්ල ඉබි යතුරු දමා වසා තැබීම හේතුවෙන් වැඩ භාරගැනීමේ කටයුතු හරියාකාරව නොහැකි බවට පවසමින් ඔහු මෙම පැමිණිල්ල සිදුකරනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පැවරීමට ද කටයුතු කරන බව සඳහන් කළ ඔහු එයට අදාළ මූලික කටයුත්තක් වශයෙන් අද (06) දිනයේ මෙලෙස මරදාන පොලිසියේ පැමිණිල්ල සිදුකළ බවයි ඔහු සඳහන් කළේ.

උසාවියට අපහාස කිරීමක් ඊයේ දිනයේ සිදුවූ බවත්, තමාට සිදුවූ අසාධාරණය සම්බන්ධව අධිකරණයේ නඩු පවරා අධිකරණය තීරණය අනුව තමන් නිදහසේ නිදහස් පක්ෂය වැඩකටයුතු කිරීම සඳහා යන බව සඳහන් කළ ඔහු වැඩ කටයුතුවලට බාධා කරමින් සිටින නිමල් සිරිපාල ඇතුළු පාර්ශවයන් උසාවි තීරණය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට ඇද දැමීමට ඉදිරියේදී කටයුතු කරන බව ද මෙහිදී පැවසුවා.

මේ අතර විජයදාස රාජපක්ෂ ඇතුළු පාර්ශවයන් සමඟ සමගියෙන් කටයුතු කර පක්ෂය ගොඩගැනීම සඳහා කටයුතු සිදුකරන බවයි මහ ලේකම් දයාසිරි ජයසේකර සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?