දයාසිරිගෙන් මරදාන පොලිසියට පැමිණිල්ලක් (වීඩියෝ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර අද (06) මරදාන පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

තමාට පැවති වාරණ නියෝගය ඉවත් කිරීමෙන් පසුව වැඩ භාරගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ගිය අවස්ථාවේ දී මූලස්ථාන ගොඩනැගිල්ල ඉබි යතුරු දමා වසා තැබීම හේතුවෙන් වැඩ භාරගැනීමේ කටයුතු හරියාකාරව නොහැකි බවට පවසමින් ඔහු මෙම පැමිණිල්ල සිදුකරනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පැවරීමට ද කටයුතු කරන බව සඳහන් කළ ඔහු එයට අදාළ මූලික කටයුත්තක් වශයෙන් අද (06) දිනයේ මෙලෙස මරදාන පොලිසියේ පැමිණිල්ල සිදුකළ බවයි ඔහු සඳහන් කළේ.

උසාවියට අපහාස කිරීමක් ඊයේ දිනයේ සිදුවූ බවත්, තමාට සිදුවූ අසාධාරණය සම්බන්ධව අධිකරණයේ නඩු පවරා අධිකරණය තීරණය අනුව තමන් නිදහසේ නිදහස් පක්ෂය වැඩකටයුතු කිරීම සඳහා යන බව සඳහන් කළ ඔහු වැඩ කටයුතුවලට බාධා කරමින් සිටින නිමල් සිරිපාල ඇතුළු පාර්ශවයන් උසාවි තීරණය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට ඇද දැමීමට ඉදිරියේදී කටයුතු කරන බව ද මෙහිදී පැවසුවා.

මේ අතර විජයදාස රාජපක්ෂ ඇතුළු පාර්ශවයන් සමඟ සමගියෙන් කටයුතු කර පක්ෂය ගොඩගැනීම සඳහා කටයුතු සිදුකරන බවයි මහ ලේකම් දයාසිරි ජයසේකර සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සර්, ඔයාට ගොඩාක් පිං - නේපාල කෙල්ලෙක් සිංහලෙන්ම ස්තූති කරයි
01:35
Video thumbnail
බුදු අම්මෝ කියවුණා.. නූලෙන් නේද ජීවිතේ..
00:31
Video thumbnail
ජනාධිපතිතුමා පාරේ යද්දිත් මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන සතුට බලන්න..
00:17
Video thumbnail
ටිල්වින්ටත් නඩු නෑ, අනුරටත් නඩු නෑ - රටේ දියුණුව වැළැක්වූවේ ජවිපෙ
03:47
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04
Video thumbnail
බුලත් අත සම්පූර්ණ වෙන්නේ දුම්කොල තිබ්බොත්.. දැන් දුම්කොලත් අල්ලනවා ඉවරයි ඉවරයි සංස්කෘතිය ඉවරයි..
00:18
Video thumbnail
හොඳට හිතේ තියාගන්න.. ලියලා තියාගන්න.. එළවනවා එළවනවාමයි...
00:11
Video thumbnail
ලපයි සිපයි JVPකාරයොන්ට බය නෑ - මගේ බල්ලව විතරයි තාම අල්ලස් එකට ගෙනාවේ නැත්තේ
07:15