AFC Banner
Empty Ad
Empty Ad

2024 LPL පිටියේ දෙවන ශතකය ටිම් සෙයිෆර්ට්ගේ පිත්තෙන්

2024 එල්.පී.එල්. තරගාවලියේ දෙවන ශතකය වාර්තා කරන්නට ගෝල් මාවලස් කණ්ඩායම නියෝජනය කරන ටිම් සෙයිෆර්ට්ට හැකියාව ලැබුණා.

ඒ, ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමඟ මේ වනවිට පැවැත්වෙන තරගයේ දීයි.

පන්දු 62ක් තුළ වාර්තා කළ ඔහුගේ ශතකයට හයේ පහර 06ක් සහ හතරේ පහර 11ක් ඇතුළත් වුණා.

මෙවර තරගාවලියේ පළමු ශතකය දඹුල්ල සික්සස් ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා රැස් කළා.

එම ශතකය ද ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව රැස් කිරීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?