T20 ලෝක ශූරයෝ සිව් දිනකින් පසුව සිය මව්බිමට ගොඩබසිති – අද මෝදි හමුවකුත් (ඡායාරූප)

T20 ලෝක කුසලානය දිනූ ඉන්දීය ක්‍රිකට් ශූරයින් සිය මව් බිමට අද (04) අලුයම පැමිණ තිබෙනවා.

පසුගිය 29 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව අමෙරිකාවේ බ්‍රිජ්ටවුන් හි දීයි දෙරට අතර අවසන් මහා තරගාවලිය පැවැත්වුණේ.

එම අවසන් මහා තරගය ඉන්දීය කණ්ඩායම කඩුලු 07කින් ජයග්‍රහණය කරමින් මෙවර T20 ලෝක කුසලානයේ ශූරයින් බවට පත් වුණ ද, ඔවුන්ට හැකි විගසින් සිය මව්බිම බලා ඒමට නොහැකි වූයේ අප්‍රිකානු මහද්වීප හරහා මේ වනවිටත් හමා යමින් ඇති බෙරිල් සුළි කුණාටුවට හසුවීම හේතුවෙන්.

බාබඩෝස් නුවරට බෙරිල් සුළි කුණාටුව කඩා වැදීමත් සමග T20 ලෝක ශූරයින් එරට සිර වුණා.

ඉන් අනතුරුව කාලගුණය යම් තරමකට යහපත් වූ පසුබිමකයි ඉන්දීය කණ්ඩායම සිය මව්බිම බලා ඒමට පිටත් ව ඇත්තේ.

ඉන්දීය මාධ්‍ය සජීවී ව වාර්තා කරන පරිදි මේ වනවිට ලෝක ශූරයින් එරට නවදිල්ලි ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

නායක රෝහිත් ෂර්මා ප්‍රමුඛ කණ්ඩායම ඊයේ කැරිබියන් දූපත් හි ග්‍රැන්ට්ලි ඇඩම්ස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් සිය රට බලා පිටත් ව ගිය බවයි වාර්තා වූයේ.

බාබඩෝස් වෙත බලපෑ බෙරිල් සුළි කුණාටුවෙන් නායක ෂර්මා ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායම තෙදිනක් එරට සිර වී සිටියා.

ජයග්‍රාහී ඉන්දීය සංචිතය ‘එයාර් ඉන්දියා චැම්පියන්ස් 24 ලෝක කුසලානය’ (AIC24WC) නමින් නම් කරන ලද එයාර් ඉන්දියා විශේෂ ගුවන් යානයක් මගින් කැරිබියන් දූපතේ දේශීය වේලාවෙන් අලුයම 4:50 ට පිටත්ව ගොස් ඇති අතර; ඔවුන් කුසලානය ද රැගෙන අද උදෑසන 6:20 ට පමණ නවදිල්ලි නුවරට ගොඩ බැස තිබෙනවා.

මෙලෙස ඉන්දියාවට ගොඩබැස්ස වත්මන් T20 ලෝක ශූරයින් පළමු ව උදෑසන ආහාරයට එක්වීමෙන් අනතුරුව අද පෙරවරු 11ට එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මුණගැසීමේ බලාපොරොත්තුවකින් පසුවනවා.

ඉන් අනතුරුවයි රෝහිත් ප්‍රමුඛ කණ්ඩායම මුම්බායි බලා පිටත් ව යාමට නියමිත ව ඇත්තේ.

නාරිමන් තුඩුවේ සිට විවෘත බස් රථයකින් මාර්ග සංදර්ශනයක් ද එරට බලධාරීන් සහ ජනතාව එක් ව සංවිධානය කර ඇත්තේ ලෝක ශූරයින් උත්සවශ්‍රීයෙන් යුතුව පිළිගැනීමටයි.

එය අද පස්වරුවේ පැවැත්වෙනු ඇති.

ඉන් පසුව වීරයින් පිළිගැනීමේ බස් රථ පෙළපාලියෙන් අනතුරුව වන්කඩේ ක්‍රීඩාංගණයේ දී ඔවුන් හට උපහාර උලෙළක් ද පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

මෙවර ලෝක කුසලානය දිනූ ඉන්දීය කණ්ඩායමේ වත්මන් නායක රෝහිත් ෂර්මා, අවසන් මහා තරගයේ වීරයා බවට පත් වූ විරාට් කෝලි සහ තුන් ඉරියව්වෙන් ම තරගාවලියේ දස්කම් පෑ රවීන්ද්‍ර ජඩේජා ජාත්‍යන්තර T20 ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බවට ද නිල වශයෙන් නිවේදනය කර සිටියා.

එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ දිනයේ දී නිවේදනය කළේ ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා පන්දුවෙන්, පිත්තෙන් සහ පන්දු රැකීමෙන් දැක්වූ කැපී පෙනෙන දක්ෂතා හේතුවෙන් පන්දුවාර 20 තුන් ඉරියව්වෙන් ම දක්ෂතා දක්වන ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත ලැයිස්තුවේ පාණ්ඩ්‍යා පළමු ස්ථානයට පත් ව ඇති බවයි.

449928827 910941184404817 169494374234998658 n
449704540 910941211071481 7966823134066250831 n
449698077 910941191071483 5743438873935488732 n
449723875 910941261071476 1443287159786813833 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23