කෝලි 20-20 පිටියෙන් සමුගනී

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලිය ඊයේ රාත්‍රියේ අවසන් වුණේ ප්‍රබල ඉන්දීය කණ්ඩායම ශූරතාව හිමිකර ගනිමින්.

අවසන් මහා තරගයේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 07කින් පරාජය කරමින් ඉන්දීය කණ්ඩායම මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කළා.

මෙම ජයග්‍රහණයෙන් පසු සුපිරි ඉන්දීය පිතිකරු විරාට් කෝලි ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියට සමුදෙන බව නිල වශයෙන් නිවේදනය කළා.

අවසන් මහා තරගයේ වීරයා ලෙස සම්මාන ලබාගැනීමෙන් පසු කෝලි සිය සමුගැනීම නිවේදනය කරනු ලැබුවා.

එහිදී ඔහු සඳහන් කළේ මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය තම ක්‍රිකට් දිවියේ අවසන් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විරාට් කෝලි සඳහන් කළේ,

“මේක මගේ අවසන් විස්සයි විස්ස ලෝක කුසලානය, අපට ලබාගැනීමට අවශ්‍ය වූණේ මෙයයි.මේක තමයි මම ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කරන අවසන් විස්සයි විස්ස තරගය, මේක ප්‍රසිද්ධ රහසක් අපි ,මේ තරගය පැරදුනත් මම මේ තීරණය ගන්න හිටියේ. ඊළඟ පරම්පරාවට ඉන්දීය කණ්ඩායම නියෝජනය කිරීමට මේක තමයි කාලය. ICC තරගාවලියක් ජයග්‍රහණය කරනතෙක් අපි බොහෝම කාලයක් බලා සිටියා”

මේ අතර ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා ද ජගත් විස්සයි විස්ස පිටියෙන් සමුගන්නා බව මේ සමඟ නිවේදනය කිරීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
9
+1
2
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41