වතු කම්කරු වැටුප් වැඩි කිරීම ගැන පෙත්සමක් විභාගයට දින නියම වෙයි

වතු කම්කරු වැටුප් වැඩි කරන ලෙස නියම කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වැවිලි සමාගම් විසින් ගොනු කර තිබූ පෙත්සම නොවැම්බර් මස 08 වනදා විභාගය සඳහා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (26) නියෝග කළා.

ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් 21 ක් විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකාරණා මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නඩුවට අදාළ විරෝධතා ගොනුකර තිබෙන බව පාර්ශ්වකරුවන් විසින් අධිකරණයට දැනුම් දුන්නා.

ඉන් අනතුරුව පෙත්සම නොවැම්බර් මස 8 වනදා විභාගයට ගන්නා බවට දැනුම්දෙමින් විනිසුරු මඩුල්ල විසින් දින නියම කළා.

වතු කම්කරු වැටුප් වැඩි කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව පෙත්සම්කාර වැවිලි සමාගම් කියා සිටියා.

තමන්ගෙන් කිසිදු කරුණු විමසීමකින් තොරව සිදු කරනු ලැබූ මෙම තීරණය නීතියට පටහැනි බවත් එබැවින් අදාළ ගැසට් නිවේදනය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසත් එම වැවිලි සමාගම් අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටිල්වින් වැරැද්ද පිළිගෙන සමාව ගත්තා - එකළොස් ලක්ෂයක් නඩු බෝල්ට් පොයින්ට් පෑනෙන් විසඳන්න බැහැ
07:24
Video thumbnail
දුම ගැහුවට වැඩක් නෑ ආයේ එනවා මදුරුවෝ - පරිසරයේ අනිත් සත්තුන්ට මේක හොඳ නෑ
04:05
Video thumbnail
මහවැලි ගඟේ දිය නෑමට ගොස් 10 වසර ළමයෙක් ගි# අතුරුදහන් - "එයා පීනගෙන එද්දි යට ගියා"
02:21
Video thumbnail
හොරකම් කරපු මුදල් වෙන රටවලට ගියාද ?නිරුක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්
12:40
Video thumbnail
වැලිගම දින 90 සුපිරි වැඩසටහන - ටොෆි කොලයක් පාරට දාන්නේ නැති සමාජයක් හදනවා
04:54
Video thumbnail
වසර 12ක් විභාග වූ ප්‍රසිද්ධ ගායන ශිල්පී චිලීගේ නඩුව අවසන් කරයි
01:12
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක වැදී යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:30
Video thumbnail
අනවසර ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක්
01:29
Video thumbnail
අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
00:14
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 9දෙනෙක් නාවික හමුදා භාරයට
00:38