AFC Banner
Empty Ad
Empty Ad

නිවිතිගල වෙඩි තැබීමක්

නිවිතිගල – පාතකඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදු ව තිබෙනවා.

අද (26) උදෑසන මෙම වෙඩි තැබීම සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි වැදීමට ලක් වූ පුද්ගලයා සිය නිවසෙහි මිදුලේ සිටියදී නාඳුනන සහ මුහුණ ආවරණය කරගත් තැනැත්තෙකු පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබෙනවා.

වෙඩි වැදීමට ලක් වූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා නිවිතිගල රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි වැදුණු පුද්ගලයාගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බවත්; වෙඩි උණ්ඩය ඔහුගේ පාදයේ පහළ කොටසකට වැදී ඇති බවත් පැවසෙනවා.

මෙලෙස වෙඩි වැදීමට ලක් ව ඇත්තේ නිවිතිගල පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම සිදුවීමට හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් නිවිතිගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?