නිවිතිගල වෙඩි තැබීමක්

නිවිතිගල – පාතකඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදු ව තිබෙනවා.

අද (26) උදෑසන මෙම වෙඩි තැබීම සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි වැදීමට ලක් වූ පුද්ගලයා සිය නිවසෙහි මිදුලේ සිටියදී නාඳුනන සහ මුහුණ ආවරණය කරගත් තැනැත්තෙකු පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබෙනවා.

වෙඩි වැදීමට ලක් වූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා නිවිතිගල රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි වැදුණු පුද්ගලයාගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බවත්; වෙඩි උණ්ඩය ඔහුගේ පාදයේ පහළ කොටසකට වැදී ඇති බවත් පැවසෙනවා.

මෙලෙස වෙඩි වැදීමට ලක් ව ඇත්තේ නිවිතිගල පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම සිදුවීමට හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් නිවිතිගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46