කැනඩාවත් චීනයට බදු පනවන්න සැරසෙයි

අගමැති ජස්ටින් ටෘඩෝගේ රජය, එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග සමඟ කැනඩාව පෙළගැස්වීම සඳහා චීනයේ නිෂ්පාදිත විද්‍යුත් වාහන (EVs) සඳහා නව තීරුබදු පැනවීමට සැලසුම් සකස් කරමින් සිටින බව සමීප ආරංචි මාර්ග උපුටා දක්වමින් බ්ලූම්බර්ග් වාර්තා කරනවා.

බදු පැනවීම සම්බන්ධයෙන් කැනඩා රජය අවසන් තීරණයක් ගෙන නැතත් මහජන උපදේශන කඩිනමින් ආරම්භ වනු ඇතැයි සඳහන්.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනයේ නායකත්වය අනුගමනය කරන ලෙස දේශීය හා විදේශීය පීඩනයට ලක්ව සිටින ටෘඩෝ, චීනය විසින් නිෂ්පාදනය කරන ලද EV සඳහා හතර ගුණයකට ආසන්න තීරුබදු, එනම් සියයට 102.5ක අනුපාතයක් දක්වා වැඩි කිරීමේ සැලැස්මක් මැයි මාසයේ දී නිවේදනය කළා

යුරෝපීය සංගමය පසුගිය සතියේ ප්‍රකාශ කළේ චීන EV සඳහා තීරු බදු වැඩිකිරීමට සැලසුම් කර ඇති අතර, එම බදු ඇතැම් වාහන සඳහා සියයට 48 දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බවයි.

බටහිර ප්‍රජාතන්ත්‍රවා දී රටවල් චීනයේ ප්‍රධාන භාණ්ඩ අධික ලෙස නිෂ්පාදනය කිරීම ගැන වැඩි වැඩියෙන් සැලකිලිමත් වන අතර, එය සැපයුම් දාමයේ ආධිපත්‍යය දැරීමට සහ ඔවුන්ගේම කර්මාන්ත යටපත් කිරීමේ උත්සාහයක් ලෙස සලකනවා.

කැනඩාවේ දත්තවලට අනුව, කැනඩාව විසින් ආනයනය කරන ලද චීන EV වල වටිනාකම 2023 දී කැනේඩියානු ඩොලර් බිලියන 2.2 දක්වා ඉහළ ගොස් තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32