AFC Banner
Empty Ad
Empty Ad

කැනඩාව සහ ඉන්දියාව ආයෙත් ඇවිලෙයි

කැනඩාවේ ඛලිස්තානි ක්‍රියාකාරීන් විසින් ‘පුරවැසි උසාවි’ සංවිධානය කිරීමට එරෙහිව ඉන්දියාව දිල්ලියේ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයට “දැඩි විරෝධතාවක්” ඉදිරිපත් කර තිබෙනවා.

අන්තවාදී ඉන්දීය විරෝධීන්ට සහ ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් පෙනී සිටින අයට දේශපාලන අවකාශය සැපයීමට එරෙහි ඉන්දියාවේ ස්ථාවරය විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් අවධාරණය කළා.

“අවශ්‍ය පියවර ගන්නා ලෙස අපි කැනඩා රජයෙන් නැවත නැවතත් ඉල්ලා සිටිමු. අන්තවාදී ඉන්දීය විරෝධීන්ට සහ ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් පෙනී සිටින අයට දේශපාලන අවකාශය ලබා දීම නතර කළ යුතු අතර ඔවුන් පියවර ගත යුතුය. ”ජයිස්වාල් වැඩිදුරටත් පැවසුවා.

ඉන්දියාව මෙලෙස විරෝධය පළ කරන්නේ සීක් බෙදුම්වාදී නායක හර්දීප් සිං නිජ්ජාර්ගේ මරණ සංවත්සරය වෙනුවෙන් කැනේඩියානු පාර්ලිමේන්තුව විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමේ සිද්ධියෙන් ද පසුවයි.

ඛලිස්තානි බෙදුම්වාදයට සම්බන්ධ හර්දීප් සිං නිජ්ජාර් ඝාතනය ඉන්දියා-කැනඩා සබඳතාවල විවාදාත්මක ප්‍රශ්නයක්ව පවතිනවා.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ ජූනි 14 වන දින ඉතාලියේ පැවති G7 සමුළුව අතරතුර දී කෙටියෙන් සාකච්ඡාවක නිරත වුණේ දෙරටේ සබඳතා පළුදු වී ඇති පසුබිමකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?