කැනඩාව සහ ඉන්දියාව ආයෙත් ඇවිලෙයි

කැනඩාවේ ඛලිස්තානි ක්‍රියාකාරීන් විසින් ‘පුරවැසි උසාවි’ සංවිධානය කිරීමට එරෙහිව ඉන්දියාව දිල්ලියේ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයට “දැඩි විරෝධතාවක්” ඉදිරිපත් කර තිබෙනවා.

අන්තවාදී ඉන්දීය විරෝධීන්ට සහ ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් පෙනී සිටින අයට දේශපාලන අවකාශය සැපයීමට එරෙහි ඉන්දියාවේ ස්ථාවරය විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් අවධාරණය කළා.

“අවශ්‍ය පියවර ගන්නා ලෙස අපි කැනඩා රජයෙන් නැවත නැවතත් ඉල්ලා සිටිමු. අන්තවාදී ඉන්දීය විරෝධීන්ට සහ ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් පෙනී සිටින අයට දේශපාලන අවකාශය ලබා දීම නතර කළ යුතු අතර ඔවුන් පියවර ගත යුතුය. ”ජයිස්වාල් වැඩිදුරටත් පැවසුවා.

ඉන්දියාව මෙලෙස විරෝධය පළ කරන්නේ සීක් බෙදුම්වාදී නායක හර්දීප් සිං නිජ්ජාර්ගේ මරණ සංවත්සරය වෙනුවෙන් කැනේඩියානු පාර්ලිමේන්තුව විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමේ සිද්ධියෙන් ද පසුවයි.

ඛලිස්තානි බෙදුම්වාදයට සම්බන්ධ හර්දීප් සිං නිජ්ජාර් ඝාතනය ඉන්දියා-කැනඩා සබඳතාවල විවාදාත්මක ප්‍රශ්නයක්ව පවතිනවා.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ ජූනි 14 වන දින ඉතාලියේ පැවති G7 සමුළුව අතරතුර දී කෙටියෙන් සාකච්ඡාවක නිරත වුණේ දෙරටේ සබඳතා පළුදු වී ඇති පසුබිමකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14