AFC Banner
Empty Ad
Empty Ad

තද සුළං සහ රළු මුහුද ගැන අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙම නිවේදනය හෙට (24) පෙරවරු 7.00 දක්වා වලංගු වන බවයි.

ඒ, අනුව ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ පුත්තලම හරහා හලාවත දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 60 – 65 දක්වා වැඩි විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙනේ.

එමෙන්ම හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50 – 55 දක්වා වැඩි විය හැකි අතර, එම මුහුදු ප්‍රදේශ විටින්ත විට රළු විය හැකියි.

මේ අතර කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 – 2.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතිනවා.

ඒ, අනුව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?