වනිඳු ව පහළට ඇද දමමින් Marcus Stoinis තුන් ඉරියව්වෙන් ම මුදුනා වෙයි

ජාත්‍යන්තර පන්දු වාර 20 තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වලින් ප්‍රමුඛයා බවට පත් වීමට ඔස්ට්‍රේලියානු ක්‍රීඩක Marcus Stoinis සමත් ව තිබෙනවා.

ජුනි මස 18 වැනි දිනට සිදු කරන ලද නවතම යාවත්කාලීන දත්ත අනුවයි ස්ටොයිනිස් හට මෙම ස්ථානය හිමි ව ඇත්තේ.

මෙතෙක් එම ලැයිස්තුවේ මුදුනා ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දුවාර 20 ක්‍රිකට් නායක වනිඳු හසංරගට සිය ස්ථානය අහිමි ව තිබෙනවා.

ඒ ඔහු ව ස්ථානයක් පහළට ඇද දමමින්.

ඒ අනුව මාර්කස් ස්ටොයිනිස් ශ්‍රේණිගත කිරීම් ලකුණු 231ක් හිමි කරගෙන තිබෙනවා.

වනිඳුට හිමි ව ඇත්තේ 222ක් පමණයි.

තෙවැනි ස්ථානය බංග්ලාදේශයේ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන්ට හිමි ව ඇති අතර සිව්වැනි ස්ථානය ඇෆ්ගනිස්ථානයේ මොහොමඩ් නබීටත්, පස්වැනි තැන සිම්බාබ්වේ සිකන්දර් රාසාටත් හිමි ව තිබෙනවා.

  1. ලොකු දෙයක් මොකද Ranking නිසා වනිදුලා වගේ ක්‍රීඩකයන්ගේ මානසික විකෘතීන් එනම් අධි මානසික තත්වයන්ගේ ප්‍රථිපලය අද රටක් විදිහට අපි භුක්ති විදිනවා. වනිදු දක්ෂයෙක්. ඒත් නායකත්වය නිසා ඒ දක්ෂතාවය 0 වැටෙනවා… කුසල්ටත් මේක අදාලයි.
    අරවින්ද වගේ ප්‍රවීණයෙක්ගේ දායකත්වය අවශ්‍යම කාලයක්. 2011 වෙනකොට අපේ කණ්ඩායම ඒවගේ ඉහලම තලයකට ඔසවා තිබ්බේ ඒ නිහඩ අරවින්දයන්…

  2. තරංගා වගේ ඊයෙ පෙරේදා එලියට ගිය අයගේ තීන්දු තීරණ සහ අද ක්‍රීඩා කරන කණ්ඩායමේ තීරණ තීන්දුවල ලොකු වෙනසක් නෑ. ලංකාව බිහිකරපු ලෝකපූඡිත පරිනතම ක්‍රීඩකයෙක් තමා අරවින්ද කියන්නේ. ඕනම තත්වයකදී ඕනම අභියෝගයකට නොබියව මුහුණ දියහැකි ප්රාකාරයක්. ඒතරම් ශක්තිමත් මානසික මට්ටමක එතුමා අදටත් ඉන්නවා. අවාසනාවකට අපේ අය ඒ වටිනාකමින් ප්‍රයෝජනයක් ගන්නෙ නෑ. එතුමට කථාකරලා මේක භාර දුන්නොත්භි මාසයක් ඇතුලත ධනාත්වෙමක වෙනසක් කරනවා. ඇගිලි ගැසීම් කරන්නැතිව කරන්න භාර දෙන්න.
    යෝගයට අභියෝග කරන්න හැමෝටම බෑ. ඒ අභියෝග වලට නිසි විදිහට උත්තර දුන්නු කෙනෙකුගේ වටිනාකම දකින්නත් ක්ෂේත්‍රයේ ඉන්න අනිත් නිලධාරීන්ට බලධාරීන්ටත් දැක්මක් තියෙන්න ඕන. ස්තූතියි!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිග්ගල පාරේ ලඳු කැලෑවකින් දුම් බෝම්බ දෙකක් සොයා ග‍යි - පානදුර සලිත වෙයි
00:27
Video thumbnail
මනුස්සයෙක් වේදිකාවේ ඉදලා සජිත් වෙනුවෙන් ගැයූ කවි - "තාත්තට එහා දෙයක් කරන්න හදන පුතෙක්"
02:57
Video thumbnail
ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න ගිය සජිත්ට මිනිස්සුන්ගේ ලැබුණු ආදරය - "මම පාර්ලිමේන්තුවේ කතා කරන්නම්"
02:00
Video thumbnail
S.M. චන්ද්‍රසේන අධිකරණයට ඇවිත් කිව්ව දේ - "විශාල අසාධාරණකම් වෙමින් තියෙන්නේ"
03:01
Video thumbnail
පුටු චුට්ටක් එහෙට මෙහෙට මාරුවෙයි..කවුරුවත් කලබල වෙන්න එපා - ජනපති අනුර කිව්ව අමුතු කතාව
01:33
Video thumbnail
අවුරුදු ගාණක් තම පවුල නඩත්තු කළ එළදෙනගේ අහිමිවීම කොහොම දරාගන්නද ?බලන්නකෝ ඒ ආදරය
02:45
Video thumbnail
එළදෙන බේරගන්න ගිය ලොරි රථය කාර් රථයක වැදී බිහිසුණු අනතුරක් - එළදෙන එතනම එළොව ගිහින්
03:39
Video thumbnail
Pop Culture Festival වෙනුවෙන් ලෝක ප්‍රසිද්ධ Alan Walker දිවයිනට ආපු හැටි
00:24
Video thumbnail
'නවෝදයාපුරම්' නිවාස ව්‍යාපෘතිය ජනපති සුරතින් ජනතා අයිතියට"ලස්සන ජීවිතයක් දුන්නට අනුර මාමාට ස්තූතියි"
02:10
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44