AFC Banner
Empty Ad
Empty Ad

කෝපා කමිටුව හමුවට එන සතියේ රාජ්‍ය ආයතන තුනකට කැඳවීම්

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව ලබන සතියේ දින තුනක් රැස්වීමට නියමිතයි.

රාජ්‍ය ආයතන කිහිපයක් එම දින තුන තුළ කෝපා කමිටුව හමුවට කැඳවීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඒ, අනුව 18 වනිදා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම කමිටුව හමුවට කැඳවා ඇති අතර, 19 වනදා කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා තිබෙනවා.

එළඹෙන 20 වනදා මහා භාරකාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කෝපා කමිටුව හමුවට කැඳවීමට පියවර ගෙන ඇති බව සඳහන්.

එම රාජ්‍ය ආයතනවල කළමනාකරණ කාර්යක්ෂමතාව සහ මූල්‍ය විනය පිළිබඳව මෙහි දී සොයාබැලීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?