AFC Banner
Empty Ad
Empty Ad

මහනුවර පාසලක සිසුවෙක් තවත් සිසුවෙකුට පිහියෙන් අනී

මහනුවර, අංපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලකින් පසු එක් සිසුවෙක් විසින් තවත් සිසුවෙකුට පිහි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එහිදී බරපතළ තුවාල ලැබූ අනෙක් සිසුවා මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස රෝහල් ගතකළ සිසුවා මේ වනවිට රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් පොලිසිය පැවසුවේ.

පාසලේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් මෙලෙස පිහි ප්‍රහාරයට ලක්ව ඇති අතර, දෙදෙනා අතර ඇති වූ ආරවුලට හේතුව තවමත් අනාවරණය වී නැහැ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
10
+1
3
+1
1
+1
25
+1
3
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?