AFC Banner
Empty Ad
Empty Ad

24 හැවිරිදි තරුණියක් ගංජා – අයිස් සමග අල්ලයි

රුපියල් ලක්ෂ 70කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය මහා පරිමාණයෙන් ජාවාරම් කළ තරුණියක් පොලිස් විශේෂ කාර්යය බලකායේ අත් අඩංගුවට ගෙන තිබෙනවා.

‘යුක්තිය’ මෙහෙයුමට සමගාමී ව සිදු කරන මෙම මෙහෙයුම විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කොච්චිකඩේ – පළගතුරේ යන ප්‍රදේශයේ දී යි සිදු කෙරුණා.

මෙම මෙහෙයුමේ දී රුපියල් ලක්ෂ 70කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 28කට අධික ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10‍යි මිලි ග්‍රෑම් 10 ක ප්‍රමාණයක් සමග 24 හැවිරිදි තරුණියක් පොලිස් අත් අඩංගුවට ගැනුණු බවයි වාර්තා වන්නේ.

සැකකාරිය පල්ලෙකැලේ – ගල්මුරුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
1
+1
2
+1
3
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?