ඉදිරි පැය කිහිපය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 -70 දක්වා වැඩි වීමේ අගයක් ගත හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

මේ හේතුවෙන් ඒ අවට මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු ස්වභාවයක් ගත හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

පොතුවිල් සිට මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ද විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා වැඩිවනු ඇති.

එබැවින් එම ප්‍රදේශවල ද මුහුද රළු ස්වභාවයක් ගත හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
3
+1
6
+1
5
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?