මෝදි දිවුරුම්දීම සෙනසුරාදා

භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ඉන්දීය මහ මැතිවරණයෙන් විශ්ෂ්ඨ ජයක් ලැබීමෙන් පසු පිටපිට තෙවැනි වරටත් අග්‍රාමාත්‍යවරයා ලෙස නරේන්ද්‍ර මෝදි ලබන සෙනසුරාදා දිවුරුම් දීමට නියමිත බව වාර්තා වනවා.

මේ අතර යළිත් වරක් ඉන්දියාවේ පාලන බලය හිමිකරගත් නරේන්ද්‍ර මෝදි ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු හමු වී සාකච්ඡා පැවැත්වීමට නවදිල්ලි නුවර රාෂ්ට්‍රපතිභවන් වෙතය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

දින 44ක් පුරා අදියර 07ක් යටතේ පැවැති ඉන්දීය මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵල ඊයේ නිකුත් වූ අතර, එහිදී මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ආසන 240ක් හිමිකර ගත්තා.

මේ අතර ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජයග්‍රහණයට සුබපැතුම් එක්කර තිබෙනවා.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය පිළිබඳව එරට ජනතාව තුළ ඇති විශ්වාසය පිළිබඳව මෙමගින් මනාව තහවුරු වන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති සබඳතාවයන් ශක්තිමත් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යන බව ද එමගින් ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14