ටී-56ට සමාන දේශීයව හැදූ අවියක් සමඟ අයෙක් STF දැලේ

මෙරට නිෂ්පාදිත, ටී-56 අවියේ බද කොටසට සමාන ගිනි අවියක් සහ බදින තුවක්කුවක් සන්තකයේ තබාගෙන යම් අපරාධමය කටයුත්තක් සදහා සූදානමින් සිටි පුද්ගලයෙක් වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඕමන්ත පොලිස් වසමේ මරඅඩිත්තකුලම් ප්‍රදේශයේ ඊයේ (04) සිදුකළ වැටලීමක දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා 49 හැවිරිදි වියේ පසුවන අතර, ඔහුව විමර්ශන කටයුතු සඳහා ඕමන්ත පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කළ බවයි වි‍ශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?