AFC Banner
Empty Ad
Empty Ad

විපක්ෂය, විපක්ෂයේ සිටින්නේ සම්ප්‍රදායික දේශපාලනයේ නිරත වූ නිසා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන එකඟතාවන් කඩකළහොත් නැවත රට ආපස්සට යන බවත් එබැවින් එම සියලු එකඟතාවන් නීති ගත කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීම බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණයකරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන එකඟතා අනුව රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාම වෙනුවෙන් සපුරාගත යුතු ආර්ථික ඉලක්ක ගණනාවක් පවතින බව ද පෙන්වාදුන් ජනාධිපතිවරයා එම ඉලක්ක කඩ කිරීම යනු රටේ ආර්ථිකය විනාශ කිරීමක් වන බැවින් දේශපාලන අරමුණු වෙනුවෙන් වේදිකාවල ප්‍රකාශ සිදුනොකර පවතින රාමුව තුළ පමණක් කතා කිරීම විපක්ෂයේ වගකීම වන බව ද සඳහන් කළා.

විපක්ෂය, විපක්ෂයේ සිටින්නේ රට වෙනුවෙන් එදා වගකීම් භාර නොගෙන සාම්ප්‍රදායික දේශපාලනයේ නිරතවූ නිසා බව පැවසූ ජනාධිපතිවරයා එදා නොබියව අභියෝගය භාරගත් ආණ්ඩුව අද එහි සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති බවත් එබැවින් රට වෙනුවෙන් එක් මාර්ගයක ගමන් කරමු යැයි තමා සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බවත් සඳහන් කර සිටියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ කරවනැල්ල, වැන්දල ශ්‍රී විසුද්දාරාම විහාරස්ථානයේ අද (04) පැවති “උරුමය” සින්නක්කර ඔප්පු ලබාදීම හා අඩු ආදායම්ලාභීන්ට සහල් බෙදාදීමේ වැඩසටහනට එක්වෙමින්.

“උරුමය” සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික්කයේ සින්නක්කර ඔප්පු 350ක් ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු වුණා.

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් කිලෝ 20ක් ලබාදීමේ වැඩසටහනේ දෙවන අදියර ලෙස සහල් කිලෝ 10 බැගින් පවුල් 800ක් සඳහා ලබාදීම ද ජනාධිපතිවරයා අතින් අද සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝක ණයගැති ලැයිස්තුවෙන් ලංකාව ඉවත් වුණේ රනිල් වික්‍රමසිංහ නිසා #ranilwickremesinghe
Video thumbnail
ලංකාව සුරක්ෂිතයි - එන්න ලංකාවට / මනූෂ ආණ්ඩුවට රිදෙන්න කිව්ව සැර කතාව #npp #akd
03:07
Video thumbnail
ශ්‍රී ලංකාව ආරක්ෂිතයි ද? - යුරෝපීය සංචාරකයින් ලංකාවට එන්න බියක්...
01:42
Video thumbnail
ඔබේ වචනයකින් කාගෙවත් හිතක් රිද්දන්න හිතන්නවත් එපා
04:27
Video thumbnail
පාර්ලිමේන්තුව ඇතුළට යවන්න ඕන හේතුව කියන ඩීනා
05:31
Video thumbnail
KASTHIRAMA | පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂිකා භාගේශ්වරී ගුණසේකර සහ ඩීනා රසාංජලී සහභාගිවන කස්තිරම
01:31:47
Video thumbnail
දිලිත්ගේ අපේක්ෂිකාව සහ රංජන්ගේ අපේක්ෂිකාව පැටලෙයි
07:14
Video thumbnail
ඩිෆෙන්ඩර් රථයක් අනතුරේ - මිනිස්සු කියන්නේ ලොහාන් රත්වත්තගේ කියලා
04:20
Video thumbnail
රංජන් තමයි හොරු අල්ලන වැඩ්ඩා
05:11
Video thumbnail
දිල්ෂාන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
02:56

?