විපක්ෂය, විපක්ෂයේ සිටින්නේ සම්ප්‍රදායික දේශපාලනයේ නිරත වූ නිසා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන එකඟතාවන් කඩකළහොත් නැවත රට ආපස්සට යන බවත් එබැවින් එම සියලු එකඟතාවන් නීති ගත කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීම බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණයකරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන එකඟතා අනුව රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාම වෙනුවෙන් සපුරාගත යුතු ආර්ථික ඉලක්ක ගණනාවක් පවතින බව ද පෙන්වාදුන් ජනාධිපතිවරයා එම ඉලක්ක කඩ කිරීම යනු රටේ ආර්ථිකය විනාශ කිරීමක් වන බැවින් දේශපාලන අරමුණු වෙනුවෙන් වේදිකාවල ප්‍රකාශ සිදුනොකර පවතින රාමුව තුළ පමණක් කතා කිරීම විපක්ෂයේ වගකීම වන බව ද සඳහන් කළා.

විපක්ෂය, විපක්ෂයේ සිටින්නේ රට වෙනුවෙන් එදා වගකීම් භාර නොගෙන සාම්ප්‍රදායික දේශපාලනයේ නිරතවූ නිසා බව පැවසූ ජනාධිපතිවරයා එදා නොබියව අභියෝගය භාරගත් ආණ්ඩුව අද එහි සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති බවත් එබැවින් රට වෙනුවෙන් එක් මාර්ගයක ගමන් කරමු යැයි තමා සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බවත් සඳහන් කර සිටියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ කරවනැල්ල, වැන්දල ශ්‍රී විසුද්දාරාම විහාරස්ථානයේ අද (04) පැවති “උරුමය” සින්නක්කර ඔප්පු ලබාදීම හා අඩු ආදායම්ලාභීන්ට සහල් බෙදාදීමේ වැඩසටහනට එක්වෙමින්.

“උරුමය” සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික්කයේ සින්නක්කර ඔප්පු 350ක් ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු වුණා.

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් කිලෝ 20ක් ලබාදීමේ වැඩසටහනේ දෙවන අදියර ලෙස සහල් කිලෝ 10 බැගින් පවුල් 800ක් සඳහා ලබාදීම ද ජනාධිපතිවරයා අතින් අද සිදු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
භූමදානය කළ පුද්ගලයා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය - රියදුරුට නින්ද ගිහින් වෙච්ච දෙයක්
00:32
Video thumbnail
පානදුර කුඩු සළිඳුගේ අනුගාමික යුවලක් හෙරොයින් සමඟ කොටුවෙයි - ලක්ෂ 63ක මුදලකුත් මාට්ටු
00:39
Video thumbnail
දෙහිවල බෝම්බය ග#න්න ආ සෙට් එක නැවතුම ලැගුම් හල - CCTV දර්ශන එළියට එයි
01:34
Video thumbnail
ගුරු මෑණියන්ගේ සිහිනය සැබෑ කරන්න විදුමව් තුරුලට පැමිණි දරුවෝ
03:43