AFC Banner
Empty Ad
Empty Ad

කොදෙව්වන්ට කඩුලු 05ක ජයක්

20-20 ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (02) පැවති තරගයෙන් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හැකියාව ලැබුණා.

පැපුවා නිව්ගිනියාව සමඟ පැවති මෙම තරගය කොදෙව්වන් ජයගත්තේ කඩුලු 05 කින්.

කාසිය වාසිය දිනූ කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට පැපුවා නිව්ගිනියාවට ආරාධනා කළා.

ඒ, අනුව පැපුවා නිව්ගිනියාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 136ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී සෙසේ බවු පැපුවා නිව්ගිනියාව වෙනුවෙන් අර්ධ ශතකයක් රැස් කළා.

පන්දු යැවීමේ දී අල්සාරි ජෝසප් සහ ඇන්ඩ්රි රසල් අතරේ කඩුලු 02 බැඟින් බෙදී ගියා.

අනතුරුව ලකුණු 137ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය කොදෙව්වන් එම ඉලක්කය පන්දුවාර 19ක් තුළ කඩුලු 05ක් පමණක් දැවී තිබිය දී පසුකර ගියා.

එහිදී රොස්ටන් චේස් නොදැවී ලකුණු 42ක් රැස්කළ අතර ආරම්භ පිතිකරු බ්‍රැන්ඩන් කිං ලකුණු 34ක් රැස්කරමින් කොදෙව්වන්ගේ ජයග්‍රහණයට මාවත සකසා දුන්නා.

ඒ, අනුව මෙම තරගය බරහිර ඉන්දීය කොදෙව්වන් කඩුලු 05ක ජයක් හිමිකරගෙන මෙවර ලෝක කුසලානයේ පළමු ජයග්‍රහණය වාර්තා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?