කොදෙව්වන්ට කඩුලු 05ක ජයක්

20-20 ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (02) පැවති තරගයෙන් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හැකියාව ලැබුණා.

පැපුවා නිව්ගිනියාව සමඟ පැවති මෙම තරගය කොදෙව්වන් ජයගත්තේ කඩුලු 05 කින්.

කාසිය වාසිය දිනූ කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට පැපුවා නිව්ගිනියාවට ආරාධනා කළා.

ඒ, අනුව පැපුවා නිව්ගිනියාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 136ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී සෙසේ බවු පැපුවා නිව්ගිනියාව වෙනුවෙන් අර්ධ ශතකයක් රැස් කළා.

පන්දු යැවීමේ දී අල්සාරි ජෝසප් සහ ඇන්ඩ්රි රසල් අතරේ කඩුලු 02 බැඟින් බෙදී ගියා.

අනතුරුව ලකුණු 137ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය කොදෙව්වන් එම ඉලක්කය පන්දුවාර 19ක් තුළ කඩුලු 05ක් පමණක් දැවී තිබිය දී පසුකර ගියා.

එහිදී රොස්ටන් චේස් නොදැවී ලකුණු 42ක් රැස්කළ අතර ආරම්භ පිතිකරු බ්‍රැන්ඩන් කිං ලකුණු 34ක් රැස්කරමින් කොදෙව්වන්ගේ ජයග්‍රහණයට මාවත සකසා දුන්නා.

ඒ, අනුව මෙම තරගය බරහිර ඉන්දීය කොදෙව්වන් කඩුලු 05ක ජයක් හිමිකරගෙන මෙවර ලෝක කුසලානයේ පළමු ජයග්‍රහණය වාර්තා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46