AFC Banner
Empty Ad
Empty Ad

කැනඩාව පරදා ඇමරිකාවට සුපිරි ජයක්

20-20 ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයෙන් සුපිරි ජයක් ලබන්නට ඇමරිකානු කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

ඒ, මෙම තරගයේ දී කැනඩා කණ්ඩායම කඩුලු 07කින් පරාජය කරමින්.

තරගයේ කාසිය වාසිය දිනූ ඇමරිකාවේ ආරාධනයෙන් කැනඩා කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන්නා.

එහිදී ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 194ක් ලකුණු පුවරුවට එක් කළා.

ලකුණු 195ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට ඇමරිකානු පිතිකරුවන් පිටියට පිවිසි අතර, එහිදී ස්ටීවන් ටේලර් ලකුණු නොලබාම දැවී ගියේ ඇමරිකානු ඉනිමේ පළමු පන්දුවාරයේ දියි.

අනතුරුව ඇමරිකානු ජයග්‍රාහී ඉනිම ගොඩනැගීමට ඇන්ඩ්රිස් ගෝස් සහ ආරොන් ජෝන්ස් කටයුතු කළේ තුන්වන කඩුල්ලට ලකුණු 131ක සම්බන්ධතාවක් ගොඩනඟමින්.

එහිදී ඇන්ඩ්රිස් ගෝස් පන්දු 46 කදී ලකුණු 65ක් රැස්කළ අතර, ඇමරිකානු ජයග්‍රහණයේ නියමුවා වූ ආරොන් ජෝන්ස් නොදැවී ලකුණු 94ක් වාර්තා කළා.

පන්දු 40කට මුහුණ දෙමින් ඔහු රැස්කළ ලකුණු 94ට දැවැන්ත හයේ පහර 10ක් සහ හතරේ පහර 04ක් ඇතුළත්.

ඒ, අනුව ඇමරිකානු කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 04ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 197ක් රැස් කරමින් මෙම තරගය ජයග්‍රහණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
4
+1
5
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?