කැනඩාව පරදා ඇමරිකාවට සුපිරි ජයක්

20-20 ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයෙන් සුපිරි ජයක් ලබන්නට ඇමරිකානු කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

ඒ, මෙම තරගයේ දී කැනඩා කණ්ඩායම කඩුලු 07කින් පරාජය කරමින්.

තරගයේ කාසිය වාසිය දිනූ ඇමරිකාවේ ආරාධනයෙන් කැනඩා කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන්නා.

එහිදී ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 194ක් ලකුණු පුවරුවට එක් කළා.

ලකුණු 195ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට ඇමරිකානු පිතිකරුවන් පිටියට පිවිසි අතර, එහිදී ස්ටීවන් ටේලර් ලකුණු නොලබාම දැවී ගියේ ඇමරිකානු ඉනිමේ පළමු පන්දුවාරයේ දියි.

අනතුරුව ඇමරිකානු ජයග්‍රාහී ඉනිම ගොඩනැගීමට ඇන්ඩ්රිස් ගෝස් සහ ආරොන් ජෝන්ස් කටයුතු කළේ තුන්වන කඩුල්ලට ලකුණු 131ක සම්බන්ධතාවක් ගොඩනඟමින්.

එහිදී ඇන්ඩ්රිස් ගෝස් පන්දු 46 කදී ලකුණු 65ක් රැස්කළ අතර, ඇමරිකානු ජයග්‍රහණයේ නියමුවා වූ ආරොන් ජෝන්ස් නොදැවී ලකුණු 94ක් වාර්තා කළා.

පන්දු 40කට මුහුණ දෙමින් ඔහු රැස්කළ ලකුණු 94ට දැවැන්ත හයේ පහර 10ක් සහ හතරේ පහර 04ක් ඇතුළත්.

ඒ, අනුව ඇමරිකානු කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 04ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 197ක් රැස් කරමින් මෙම තරගය ජයග්‍රහණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51