AFC Banner
Empty Ad
Empty Ad

ජනපති රනිල් යාපනයේ සංචාරයක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (24) යාපනයේ විශේෂ සංචාරයක නිරත වී තිබෙනවා.

හෙලිකොප්ටර් යානයකින් යාපනය මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණය වෙත පැමිණි ජනාධිපතිවරයා ධීවර කර්මාන්ත අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් ඇතුළු පිරිසක් විසින් පිළිගනු ලැබුවා.

තෙදින සංචාරයක් සඳහා උතුරු පළාතට පැමිණි ජනාධිපතිවරයා යාපනය, මුලතිව්, කිලිනොච්චි සහ වවුනියාව දිස්ත්‍රික්කවල උරුමය ජාතික වැඩසටහන යටතේ ඉඩම් ඔප්පු බෙදාදීමට නියමිතයි.

මීට අමතරව උතුරේ තරුණ තරුණියන් සමඟ විශේෂ හමුවකට ද ජනාධිපතිවරයා සහභාගි වන අතර ජනාධිපතිවරයා වැදගත් සිදුවීම් 10කට සහභාගි වීමට නියමිත බව වාර්තා වනවා.

එමෙන්ම උතුරේ සිදුකෙරෙන සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?