අධික වැස්සත් සමඟ ප්‍රධාන ජලාශ කිහිපයක් වාන් දමයි

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ පිහිටි ජලාශ කිහිපයක්ම මේ වනවිට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි රාජාංගණය ජලාශය සහ අංගමුව ජලාශය ද මේ වනවිට වාන් දමමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ හේතුවෙන් රාජාංගණය ජලාශයෙන් පහළ කලා ඔයේ ජල මට්ටම ඉහළ මට්ටමක පැවතීමත් සමඟ අවට ඇතැම් ප්‍රදේශ
සුළු ගංවතුර අවදානමකට ලක්වීමේ අවදානමක් පවතින බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය ජලාශය ද මේ වනවිට වාන් දමමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ, අනුව එම ජලාශයෙන් පහළ දැදුරු ඔයේ ජලමට්ටම ඉහළ ගොස් ඇති බැවින් එම ඔය භාවිතා කිරීම අනතුරුදායක බවයි ජනතාවට දැනුම් දෙන්නේ.

එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි උඩවලව ජලාශය ද මේ වනවිට සුළු වශයෙන් වාන් දමමින් පවතින බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26