ට්‍රාන්ස්ෆෝමර් කණුවෙන් කම්බි කැපූ පුද්ගලයා විදුලි සැර වැදී ජීවිතක්ෂයට

ගම්පහ, ඉහළ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පිහිටි ට්‍රාන්ස්ෆෝමර් කණුවක කම්බි කපමින් සිටි පුද්ගලක් විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම පුද්ගලයා අද (18) අලුයම් කාලයේ දී මෙලෙස ට්‍රාන්ස්ෆෝමර් කණුවකට නැඟ එහි කම්බි කපමින් සිටි අවස්ථාවේ මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

වයස අවුරුදු 30ක පමණ පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට තවමත් හැකියාව නොලැබුණු බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර ට්‍රාන්ස්ෆෝමර් කණුව අසල තිබී බෑගයක් ද සොයාගෙන ඇති අතර, ඒ තුළ තිබී රෙදි සහ දෙමටගොඩ ප්‍රදේශයෙන් බෙහෙත් ලබාගත් තුණ්ඩුවක් ද තිබී හමු වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ පසුගිය කාලයේ අවට ප්‍රදේශවල ට්‍රාන්ස්ෆෝමර් කණුවල ඇති විදුලි කම්බි කපාගෙන යාමේ සිද්ධීන් කිහිපයක්ම වාර්තා වූ බවයි.

පුද්ගලයා මිය යාම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු යක්කල පොලීසිය මඟින් සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ව ළඟ තියාගෙන සජිත්, ජනපතිට අනතුරු අඟවයි
01:58
Video thumbnail
නාමල්ට සජිත්ගෙන් ලැබුණු පිළිගැනීම
01:34
Video thumbnail
මේ චාමර සම්පත් එක්ක ඕවා එපා - වෙන කාත් එක්ක හරි තියාගන්න
01:41
Video thumbnail
"ඇතුලේ යන්න කළින් කියන්නම්කෝ" - චාමර කියාගෙන කියපු කතාවට හැමෝම බඩ අල්ලන් හිනාවෙයි
00:17
Video thumbnail
බලන්න අපේ මිනිස්සුන්ගේ විදිහ.. තැනක් කොතනක් නෑ.. ඉන්නේ කවුදවත් දන්නේ නෑ..
01:27
Video thumbnail
අනුර කුමාර අද ඒකාධිපති නායකයෙක් වෙලා
06:43
Video thumbnail
"ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ" - රට හදන්න එන ශාන්ත බණ්ඩාරට පුතා හදාගන්න බැරිවුණු හැටි
02:46
Video thumbnail
ආණ්ඩුව නිසා තමයි අපිට මෙතනට එන්න වුණේ
02:42
Video thumbnail
අධිකරණය ආණ්ඩුවේ තනි අතට ගන්න හදන්නේ - අපි පරාජය කරනවා
01:10
Video thumbnail
චාමර සම්පත් පාර දිගේ බැන බැන යයි? බලය තියනකොට මොළේ නෑ
01:18