බස් මගීන්ගේ රන් භාණ්ඩ කොල්ලකෑම රස්සාව කරගත් කතුන් හතරක් අල්ලයි

රාත්‍රී කාලයේ බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ රන් භාණ්ඩ ඇතුළු වටිනා භාණ්ඩ සොරාගන්නා කාන්තාවන් කල්ලියක් කන්තලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස් රථයක ගමන් ගත් මගී කාන්තාවක් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව කාන්තාවන් සිව්දෙනෙක් අද (18) උදෑසන මෙලෙස මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

හම්බන්තොට සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ රාත්‍රී බස් රථයක සිටි කාන්තාවකගේ රුපියල් ලක්ෂ දහයකට වඩා වටිනාකමකින් යුත් රන් භාණ්ඩ නැති වූ ඇති බවට ඇය විසින් කන්තලේ පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

බස් රථයේ දී තමන් ළඟින් වාඩි වූ තවත් කාන්තාවක් විසින් තමන්ට නිද්ද ගිය පසු තම ගමන් මල්ලේ තිබූ රත්තරන් බඩු සොරාගෙන ඇති බවයි එම කාන්තාව පොලිසිය පවසා ඇත්තේ.

රණ භාණ්ඩ සොරාගත් කාන්තාව සමඟ තවත් කාන්තාවන් තිදෙනක් කන්තලේ නගරයෙන් බැස ඇති බවට කරුණු අනාවරණය වී ඇති අතර, ඒ අනුව පොලිස් ජංගම රථ යොදා සිදුකළ සෝදිසියක දී ඔවුන් සිව්දෙනා අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු කාන්තාවන් අවුරුදු 21, 23, 30 සහ 40 යන වයස් සීමාවල පසුවන තැනැතියන් වන අතර ඔවුන් පුත්තලම ප්‍රදේශයේ පදිංචිකාරිනියන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

මොවුන් විසින් දුරගමන් බස් රථවලට නැඟ ඒවායේ ගමන් ගන්නා මගීන්ගේ වටිනා භාණ්ඩ සොරකම් කිරීම වෘත්තියක් ලෙස කලක සිට සිදුකරගෙන ගොස් ඇති බවට අනවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාරියන් අද (18) දින කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
00:38
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය ජලයෙන් යටවෙයි
00:47
Video thumbnail
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි කරන්නේ රංගනයක්..?
07:06