28 හැවිරිදි මව අවුරුදු අටේ පුතාව ඝාතනය කරලා

වයස අවුරුදු 08ක සිය පුත්‍රයාව ගෙළ සිරකර ඝාතනය කළ කාන්තාවක් පිළිබඳ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

28 හැවිරිදි සැකකාර කාන්තාවක් මේ සම්බන්ධයෙන් ඊයේ (14) ගුරුග්‍රාම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකාර කාන්තාව පිරිමියෙකු සමඟ ඇතිකරගෙන ඇති බව කියන අනියම් සබඳතාවයක් පිළිබඳව තම පුත්‍රයා දැනගත් නිසා ඔහුව මෙලෙස ඝාතනය කර ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

දරුවාගේ පියාවන අරවින්ද් කුමාර් විසින් පොලිසියට පවසා ඇත්තේ අසල්වැසියෙකු විසින් තම පුතා අසනීප වී ඇති බව සිදුකළ දැනුම්දීමකට අනුව තමන් නිවසට පැමිණි බවයි.

එම අවස්ථාවේ දී තම පුතා නිවසේ සිහිසුන්ව වැටී සිටින අයුරු දුටු බවත්, ඒ අසල තම බිරිඳ සහ තවත් පිරිසක් රැස්ව සිටි බවත් ඔහු පවසා තිබෙනවා.

පසුව එහි සිටි පිරිස සමඟ එක්ව දරුවා රෝහලට රැගෙන ගිය බවත්, එහිදී වෛද්‍යවරු ඔහු මියගොස් ඇති බව තහවුරු කළ බවත් දරුවාගේ පියා පොලිසිය හමුවේ වැඩිදුරටත් පවසා ඇති බව සඳහන්.

පැමිණිලිකාර පියා කියා සිටියේ තම පුතාගේ ගෙලෙහි තුවාල සලකුණු දුටු බවත්, පුතාව ඝාතනය කළ බවට සැකයක් පවතින බවයි.

ඒ, අනුව සිද්ධිය සම්බන්ධයෙන් සිදුකල විමර්ශනවලින් පසු දරුවාගේ මව සැකපිට ඊයේ (14) අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර, එහිදී තම පුතා ඝාතනය කළ බවට ඇය පාපොච්චාරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
0
+1
6
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46