ආනවිලුන්දාව වැවේ මසුන් සහ පක්ෂීන් හදිසියේ මියයයි (ඡායාරූප)

ආනවිලුන්දාව වැවේ මසුන් සහ පක්ෂීන් හදිසියේම මිය යාමට පටන් ගෙන ඇති බව වාර්තා වනවා.

ආනවිලුන්දාව රැම්සා අභය භූමිය තුළ පිහිටි මෙම වැවේ තිලාපියා නම් මත්ස්‍ය විශේෂය තැන තැන මිය ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම සම්බන්ධයෙන් දැනුම්දීමෙන් අනතුරුව ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් පැමිණ ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කර තිබෙනවා.

මෙම වැවේ තිබෙන ජලජ ශාක වසර ගණනාවකින් ඉවත් කර නොමැති බවයි එහිදී අනාවරණය වී ඇත්තේ.

එම නිලධාරීන් සදහන් කරන්නේ ජලජ ශාක ඉවත් නොකිරීම හේතුවෙන් වැව්වල ඇති ඇල්ගී මිය යන බවයි.

එලෙස මිය ගොස් ඇති ඇල්ගී ආහාරයට ගන්නා මසුන් ද මිය යාමට හැකි බවයි එම නිලධාරීන් වැඩිදුරටත් සදහන් කළේ.

වැවේ තිබෙන ජලජ ශාක ඉවත් කිරීම සහ විශාල මත්ස්‍යන් අල්ලාගැනීම මේ සඳහා පිළියමක් ලෙස යෙදිය හැකි බව ජලජීවී වගාව සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සදහන් කර සිටියා.

මේ අතර අද (13) දහවල් වන විට ආනවිළුන්දාව වැවේ සිටි පැස්තුඩුවා නමින් හදුන්වන විශාල ප්‍රමාණයේ පක්ෂීන් කීපදෙනෙකු ද මිය ගොස් සිටිය දී සොයා ගෙන තිබෙනවා.

මත්ස්‍යයින් මෙන්ම පක්ෂීන් එකවර මිය යාමට හේතුව අනාවරණය කර ගැනීම් සඳහා පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි වන ජීවී නිලධාරීන් සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙයා තමයි සැබෑ මි##රුවා - ප්‍රසාද් සර් අධිකරණ ඇමතිගේ කෙරුවාව හෙළිකරයි
07:32
Video thumbnail
සසරේ කිසිම දිනයක මෙවන් කරදරයක් සිදුනොවේවා..
00:26
Video thumbnail
අර්චුනා අධිකරණ ඇමතිට අනතුරු අඟවයි - 2029යේ ඇවිත් මෙයාව අවු:20ක් හිරේ දානවා
03:43
Video thumbnail
කක්කුස් මාලි, ලැට් මාලිට කියන්න මම දන්න සිංහලෙන් කතා කරන්නේ
01:15
Video thumbnail
වෙලාව වැඩියෙනුත් අරන් දයාසිරි අධිකරණ ඇමතිට රිදෙන්න දෙයි - කිඹුලන්ට පාන් දෙන්න යැව්වා වගේ
19:06
Video thumbnail
කරදරයි අනේ.. කෑගහන්න එපා..
02:16
Video thumbnail
ආන්දෝලනය තුඩුදුන් දෙවිනුවර පෙරහැර දැඩි ආරක්ෂාව මැද අරඹයි - පොලිසියෙන් 650ක්, STF නිලධාරින් 100ක්
01:25
Video thumbnail
පූගොඩ නව අධිකරණ සංකීර්ණය අධිකරණ ඇමතිගේ ප්‍රධානත්වයෙන් විවෘත කළ අයුරු
03:44
Video thumbnail
අධිකරණ ඇමතිගේ කටින් පැන්න දේ..ඉස්සරහට මම ඇමතිකමේ හිටියත් නැතත් මේක ක්‍රමවත්ව ගෙනයන්න
12:42
Video thumbnail
ඇමති වටගලට පොතේ හැටියට වැඩේ කියලා දීපු DV
01:47