පුපුරණ ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ කොටස් සමඟ අයෙක් STF දැලේ (ඡායාරූප)

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය (TNT) කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 145ක්, ආර්.පී.ජී. උණ්ඩ කොටස් 08ක් සහ මිලි මීටර් 60 මෝටාර් උණ්ඩ කොටස් 12ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කයිට්ස් පොලිස් වසමේ සාඩි මුහුදු තීරයේ විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ (12) සිදුකළ වැටලීමක දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු තැනැත්තා මණ්කුම්පාන් ප්‍රදේශයේ පදිංචි වයස අවුරදු 40ක අයෙක්.

සැකකරු සහ සොයාගත් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කයිට්ස් පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

මෙම පුපුරණ ද්‍රව්‍ය මෙම පුද්ගලයා ලැබුනේ කුමන ආකාරයෙන් ද, කුමන අරමුණක් සදහා ඒවා සන්තකයේ තබාගෙන සිටියේද, යන්න සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ කයිට්ස් පොලිසිය විමර්ශණ පවත්වනු ලබනවා.

WhatsApp Image 2024 05 13 at 7.05.47 AM 1
WhatsApp Image 2024 05 13 at 7.05.46 AM 1 2
WhatsApp Image 2024 05 13 at 7.05.46 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14