මැදවච්චිය, මහදිවුල්වැව ප්රදේශයේ දී කාන්තාවකට වෙඩි තැබූ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගෙන අද (11) දින මැදවච්චිය මහේස්ත්රාත්වරිය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.
එහිදී මහේස්ත්රාත්වරිය නියෝග කර ඇත්තේ සකකරු මේ මස 22 වනදා දක්වා රක්ෂිතය බන්ධනාගාර ගතකරන ලෙසයි.
ඊයේ (10) රාත්රියේ සිදුකළ එඩි තැබීමෙන් ඇටවීරගොල්ල ප්රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි කාන්තාවක් බරපතළ තුවාල ලැබුවා.
බෝර 12 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කාන්තාව මැදවච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රථිකාර සඳහා අනුරාධපුර මහ රෝහලට මාරුකර යවා තිබුණා.
සැකකරු, වෙඩි වැදුණු කාන්තාවගේ සහෝදරයාගේ බිරිඳ සමඟ පවත්වාගෙන යන අනියම් සම්බන්ධයකට අදාළ කාන්තාව විරුද්ධවීම හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.