ගංජා මිශ්‍ර මාවා අලෙවි කළ අයෙක් අත්අඩංගුවට

යාපනය ප්‍රදේශයේ පාසල් ළමුන් හා තරුණයින් හට ගංජා මිශ්‍ර මාවා අලෙවි කළ පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය නෙල්ලිඅඩි කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (08) නෙල්ලිඅඩි පොලිස් වසමේ තුන්නාලේ ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර ඇත.

එහිදී ප්‍රදේශයේ පාසල් ළමුන් හා තරුණයින් ඉලක්ක කර අලෙවි කිරීම සඳහා ගංජා මිශ්‍ර මාවා ග්‍රෑම් 119 යි මිලි ග්‍රෑම් 40 ක් සන්තකයේ තබාගෙන සිටි තුන්නාලේ නැගෙනහිර, කරවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු නෙල්ලිඅඩි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.‍

මොහු දිගු කලෙක පටන් මෙලෙස පාසල් ලමුන් සහ තරුණයින් ඉලක්ක කරගනිමින් මෙම ජාවාරමේ යෙදී ඇති බවටයි විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?