කටුනායක ගුවන් තොටුපොළේ දී මැණික් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 16 ක් පමණ වටිනා විවිධ වර්ගයේ මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත රැගෙන යාමට තැත් කළ ව්‍යාපාරිකයෙකු දින 05 පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් මොහු බේරුවල ප්‍රදේශයේ 40 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

මෙම පුද්ගලයා අද (05) දහවල් 01.50 ට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යු.එල් – 127 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළ වෙත පිවිසීමේ දී ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් සිදුකෙරෙන එක්ස් කිරණ පරීක්ෂා වලදී මෙම මැණික් තොගය අනාවරණය වීම වළක්වා ගැනීම සදහා ඔහු මෙම මැණික් තොගය කාබන් කොළවල ඔතා සිය ගමන් මල්ලේ සගවා ගෙන තිබූ අතර, ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් ග්‍රෑම් 482.02ක් බරැති මෙම මැණික් තොගය සොයා ගෙන රේගු නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබුණා.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මෙම ව්‍යාපාරිකයා අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බදුල්ලේ පොඩ්ඩෝ හරි අපූරුවට නත්තල සමරපු හැටි
01:28
Video thumbnail
කලකාරුවන් රැසක් මැද අවසන් ගමන් ගිය ප්‍රවීණ රංගධර කලාශූරී එදිරිසිංහ
02:46
Video thumbnail
වෙනදට උදෙන්ම ලැබෙන කුණු මල්ල වෙනුවට ලැබුණු බඩු මල්ල
01:36
Video thumbnail
20ක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:54
Video thumbnail
පොලිසිය ළඟ ඉද්දීම චණ්ඩිකම් පෙන්නපු උපකාරක පංති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40


?