මත්ද්‍රව්‍ය චෝදනාවලට ලක් වූ නාකොටික් නිලධාරින් යළි සේවයේ පිහිටුවලා – ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රශ්න කරයි

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග නැවත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට ඇපමත මුදා හැර සිටින එම කාර්යාංශයට අනුයුක්තව සිටි සැකකාර පොලිස් නිලධාරීන් යළි සේවයේ පිහිටුවීමට පියවර ගෙන තිබෙන්නේ කෙසේදැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (29) දින නීතිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියා.

එම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බවත් ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කළ උප පොලිස් පරීක්ෂක උදාර චතුරංග ප්‍රේමසිරි, පොලිස් සැරයන් උපාලි රත්නායක ඇතුළු පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඊයේ (29) යළි විභාගයට ගත් අවස්ථාවේ දී එය සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් මෙම ප්‍රශ්නය මතු කරන ලදී.

මෙම පෙත්සම් ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගනු ලැබුවා.

එහිදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කළ සැරයන් රත්නායක නමැති නිලධාරියාගේ ප්‍රකාශයක් මත ඔහු විසින් සඟවා තිබූ රුපියල් මිලියන 31 කට අධික මුදලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගත් බවයි.

ඊට අමතරව අවි ආයුධ මෙන්ම මත්ද්‍රව්‍ය තොග ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නිලධාරීන් සතුව තිබී සොයා ගත් බවත් ජේෂ්ඨ රජයේ නීතිඥවරයා සිහිපත් කළා.

එපමණක් නොව මෙම සැකකාර පොලිස් නිලධාරින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය තොග විකිණීම, ප්‍රවාහනය කිරීම වැනි කටයුතුවලට හවුල් වී ඇති බවට සාක්ෂි අනාවරණය වී ඇති බවත් රජය නීතිඥවරයා සඳහන් කර සිටියේය.

මහජනතාව ආරක්ෂා කිරීම සඳහා බැඳී සිටින පොලිස් නිලධාරීන් මේ ආකාරයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග හවුල් වී කටයුතු කිරීම අනුමත කළ හැකි ක්‍රියාවක්දැයි ප්‍රශ්න කළ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා මෙය රටේ නීතියේ ආධිපත්‍යයට බරපතළ තර්ජනයක් බවත් අවධාරණය කළා.

මෙවැනි පුද්ගලයින්ගෙන් රටට සිදුවන හානිය සැළකිල්ලට ගෙන සෙසු නිලධාරීන්ට ද ආදර්ශයක් දිය හැකිවන පරිදි මෙම පෙත්සම් විශාල ගාස්තුවකට යටත්කොට නිෂ්ප්‍රභ කරන ලෙසත් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී ප්‍රශ්නයක් මතු කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මෙම පෙත්සම්කරුවන් ඔබ සඳහන් කරන ආකාරයට බරපතළ වැරදි ක්‍රියාවල යෙදී තිබේ නම් ඔවුන් යළි සේවයේ පිහිටුවීමට පියවර ගනු ලැබුවේ කෙසේදැයි රජයේ නීතිඥවරයාගේ ප්‍රශ්න කර සිටියේය.

ඊට පිළිතුරු දුන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා සඳහන් කළේ එය තමන්ට ද බරපතළ ගැටලුවක් බවයි.

ඉන් අනතුරුව පෙත්සම්වලට අදාළ වාචික දේශන ඉදිරිපත් කිරීම අවසන් කිරීමට තීන්දු කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මීට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඊයේ දින සිට සති තුනක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස පාර්ශ්වකරුවන්ට නියෝග කළා.

ඉන් අනතුරුව මෙම පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කල් තැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
9
+1
4
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32