උපන්දින සාදයකට මෝටර් රථයක් කඩා වදියි – ළමුන් දෙදෙනෙකු මරුට – 15 දෙනෙකුට තුවාල

උපන්දින සාදයක් අතරතුර දී ඊට මෝටර් රථයක් කඩා වැදීමෙන් ළමුන් දෙදෙනෙකු මියගොස් තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අමෙරිකාවේ මිචිගන් හි පැවති සාදයක් අතරතුර දී මෙම අනතුර සිදුව තිබේ.

මෝටර් රථය පදවා ඇත්තේ බීමත් කාන්තාවක් විසින්.

එකම පවුලේ දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති අතර ඔවුන් අවුරුදු 5 සහ 8 හැවිරිදි වයස්වල පසුවූවන් බවයි වාර්තා වන්නේ.

එරට ආරක්ෂක අංශ විසින් අනතුරට සම්බන්ධ මෝටර් රථය පැඳ වූ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?