අමෙරිකාවෙන් යුක්‍රේනයට ඩොලර් බිලියන 61 ක්

අමෙරිකාව විසින් යුක්‍රේනයට යුද ආධාර ලෙස ඩොලර් බිලියන 61 ක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපති ජෝ බයිඩ්න් විසින් ඉදිරිපත් කර තිබූ එම යෝජනාව, එරට රිපබ්ලිකන් පක්ෂයේ විරෝධය හේතුවෙන් මාස කිහිපයක් ප්‍රමාද වී තිබුණා.

කෙසේවෙතත් යුක්‍රේනය වෙත රුසියානු ප්‍රහාර ප්‍රබල වීම හමුවේ සිදු කෙරුණු දැඩි ඉල්ලීම මත අදාළ පැකේජය සම්මත කිරීමට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය එකඟතාවකට පැමිණ තිබූ බව සඳහන්.