අපරාධ නඩුවකට පෙනී සිටින පළමු ඇමරිකානු ජනපති බවට ට්‍රම්ප් පත්වෙයි

අපරාධ නඩුවක් සම්බන්ධයෙන් පෙනී සිටීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සඳුදා නිව්යෝර්ක් උසාවියකට පැමිණි අතර, අපරාධ නඩුවක් සම්බන්ධයෙන් ඓතිහාසික නඩු විභාගයට පෙනී සිටින පළමු එක්සත් ජනපද හිටපු ජනාධිපතිවරයා බවට ඔහු පත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2016 මැතිවරණයට කලකට පෙර හිටපු චිත්‍රපට තරුවක් වන ස්ටෝමි ඩැනියෙල්ස් වෙත කරන ලද මුදල් ගෙවීමක් වසන් කිරීම සඳහා ඔහුගේ ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

77 හැවිරිදි ට්‍රම්ප් වරදකරු වුවහොත් උපරිම වශයෙන් වසර හතරක සිරදඬුවමකට මුහුණ දීමට සිදුවනු ඇතැයි බිබිසී පුවත් සේවය වාර්තා කරනවා.

කෙසේවෙතත් ට්‍රම්ප් වරද පිළිගෙන ඇති අතර, සිරගත වීම වළක්වා ඒ වෙනුවට දඩයක් නියම කළ හැකි බව විශේෂඥයින් පවසනවා.

කෙසේවෙතත් අපරාධ චෝදනා හේතුවෙන් ට්‍රම්ප්ගේ ජනප්‍රියතාවයට කිසිදු හානියක් වී නැතැයි නවතම සමීක්ෂණ වාර්තා පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?