අපරාධ නඩුවකට පෙනී සිටින පළමු ඇමරිකානු ජනපති බවට ට්‍රම්ප් පත්වෙයි

අපරාධ නඩුවක් සම්බන්ධයෙන් පෙනී සිටීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සඳුදා නිව්යෝර්ක් උසාවියකට පැමිණි අතර, අපරාධ නඩුවක් සම්බන්ධයෙන් ඓතිහාසික නඩු විභාගයට පෙනී සිටින පළමු එක්සත් ජනපද හිටපු ජනාධිපතිවරයා බවට ඔහු පත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2016 මැතිවරණයට කලකට පෙර හිටපු චිත්‍රපට තරුවක් වන ස්ටෝමි ඩැනියෙල්ස් වෙත කරන ලද මුදල් ගෙවීමක් වසන් කිරීම සඳහා ඔහුගේ ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

77 හැවිරිදි ට්‍රම්ප් වරදකරු වුවහොත් උපරිම වශයෙන් වසර හතරක සිරදඬුවමකට මුහුණ දීමට සිදුවනු ඇතැයි බිබිසී පුවත් සේවය වාර්තා කරනවා.

කෙසේවෙතත් ට්‍රම්ප් වරද පිළිගෙන ඇති අතර, සිරගත වීම වළක්වා ඒ වෙනුවට දඩයක් නියම කළ හැකි බව විශේෂඥයින් පවසනවා.

කෙසේවෙතත් අපරාධ චෝදනා හේතුවෙන් ට්‍රම්ප්ගේ ජනප්‍රියතාවයට කිසිදු හානියක් වී නැතැයි නවතම සමීක්ෂණ වාර්තා පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් ලොව ජයගනිද්දී අම්මා, තාත්තා සහ හිතවතුන් ඒ සතුට විඳපු හැටි
02:20
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18