ආගමන විගමන නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක (ඡායාරූප)

කටුනායක ගුවන් තොටුපොළ ප්‍රමුඛව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක සියලුම ගුවන් තොටුපොළ සහ වරායන් තුළ ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය වෘත්තීය සමිති විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.

අද (12) උදෑසන 09.00 සිට හෙට (13) උදෑසන 09.00 දක්වා ‘අත්වල කළු පටි බැඳ’ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරතවන බවයි එම සංගමය සඳහන් කළේ.

දැනට ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව පවතින උග්‍ර නිලධාරී හිඟය, නිසි කලට තනතුරු සඳහා පුරප්පාඩු සම්පූර්ණ නොකිරීම, රාජකාරී සේවා මුර ක්‍රමය වෙනස් කිරීම, රජය ස්ථිර වීසා ප්‍රතිපත්තියක නොපිහිටා කටයුතු කිරීම හේතුවෙන් සංචාරකයන් වේශයෙන් ජාත්‍යන්තර ජාවාරම්කරුවන් රට තුළට ඇතුළු වීම, වීසා අයදුම්පත් සම්බන්ධයෙන් කටයුතු කිරීමට විදේශීය පෞද්ගලික සමාගමකට භාරදීම යනාදී කරුණු කිහිපයක් මුල්කරගනිමින් මෙම වෘත්තීය සමිති විරෝධතා ව්‍යාපාරය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

අද (12) පෙරවරුවේ සිට කටුනායක ගුවන් තොටුපොළ තුළ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වුව ද ගුවන්තොටුපොළ සාමාන්‍ය මෙහෙයුම් කටයුතුවලට කිසිඳු බාධාවක් සිදුව නිමති බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28